රගර් ක්‍රීඩාංගණයක්…………

ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද
මහතාගේ සංකල්පයකට අනුව ඉදිකරන ලද රගර් ක්‍රීඩාංගණයක් 2019/11/08 දින රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී ප්‍රදර්ශන තරඟයක් පවත්වමින් ආරම්භ කරන ලදී. යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතී මෙම උත්සවය සඳහා ප්‍රවීන රගර් ක්‍රීඩක හා පුහුණුකරු බ්‍රිගේඩියර් ජේ පි ඒ ජයවර්ධන මහතා ඇතුළු යුධෝපකරණ බලකාය වෙනුවෙන් රගර් ක්‍රීඩාවේ නිරතවූ විශ්‍රාමික හා සේවයේ යෙදීසිටින රගර් ක්‍රීඩකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. මෙම උත්සවයේදී රගර් ක්‍රීඩාව වෙනුවෙන් දක්වන ලද දායකත්වය ඇගයීම පිණිස සහභාගිවූ සැම ක්‍රීඩකයෙකු හටම ලෝහ පදක්කමක්ද පිරිනමන ලදී. උත්සවයේ විශේෂ අවස්ථා කිහිපකන් පහතින් පළවේ.